තුලාව

තුලාව Determination, faith, and dedication will lead you to perfection.

15/10/2026
තංගල්ලයේ විහාරස්ථානයක දී ප්‍රංශ ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අපරාධයක් සිදු කිරීමට උත්සාහ කළ බව කියන හිමිනමක් අත්අඩංගුවට...
12/10/2026

තංගල්ලයේ විහාරස්ථානයක දී ප්‍රංශ ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අපරාධයක් සිදු කිරීමට උත්සාහ කළ බව කියන හිමිනමක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ප්‍රංශ ජාතික තරුණියකට තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක දී හිමිනමක් විසින් ලිංගික අපරාධයක් සිදු කිරීමට උත්සාහ කළ බවට ඇය සහ ඇගේ ජර්මානු ජාතික සහකරු විසින් තංගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව අදාළ හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම සිදුවීමට මුහුණ පෑ බව කියන 32 හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාව පවසන පරිදි, පසුගිය ඔක්තෝබර් 02 වන දින ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට මිනිත්තු 10කින් පමණ ළඟා විය හැකි දුරකින් පිහිටි විහාරස්ථානයකට ඇය භාවනා කිරීමේ අරමුණින් ගොස් තිබේ.

එහිදී ඇයට භාවනා කිරීමේ කුටියක් සොයාගැනීමට නොහැකි වූ නිසා ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ හිමිනමකගෙන් විමසා ඇත.

"මට භාවනා කරන හෝ වන්දනා කරන ස්ථානය හොයා ගන්න බැරි වුණ නිසා, මම භික්ෂූන් වහන්සේ නමකගෙන් ඒ පිළිබඳව විමසුවා. උන්වහන්සේ මා සමග එන ලෙස පවසා, විශාල බුද්ධ ප්‍රතිමාවක් සහිත කුඩා ගොඩනැගිල්ලක් වෙත මා කැඳවාගෙන ගියා. එම ගොඩනැගිල්ල සාමාන්‍යයෙන් වසා තබන එකක් බවට පෙනී ගියා.

[ගොඩනැගිල්ල] ඇතුළතදී එම භික්ෂුව මගේ පිටුපසින් ම ඉතා ළඟට ආවා, ඔහු හුස්ම ගන්නවා මට දැනුණා. මට අපහසුතාවක් දැනුණු නිසා මම එම කාමරයෙන් පිටතට ආවා. ඉන්පසු වන්දනා කරන කාමරය වෙනත් තැනක බව පැවසූ ඔහු, නැවතත් තමා පසුපස එන ලෙස මට කිව්වා. ඔහු දිගු, අඳුරු කොරිඩෝවක් ඔස්සේ මා ගොඩනැගිල්ලේ තවත් ඇතුළතට එක්කගෙන ගියා.

මට දැනුණු අපහසුතාවය එන්න එන්න ම වැඩි වුණ නිසා, ආපසු හැරී එළියට යන්න මම තීරණය කළා. එතකොට එම භික්ෂුව මගේ පස්සෙන් දුවගෙන ඇවිත් මගේ මැණික් කටුවෙන් අල්ලා ගත්තා. මම පොරබදලා බේරුණා.

මම ගොඩනැගිල්ලෙන් එළියට යන්න දුවගෙන ගියා. ඔහු කෙළින් ම මගේ පස්සෙන් දුවගෙන ඇවිල්ලා නැවතත් මාව අල්ලගත්තා. මම මහ හයියෙන් කෑගහන ගමන් ගැලවී යන්න උත්සාහ කළා. 'ෂට්, ෂට්' කිය කිය ඔහු නැවත නැවතත් මට නිශ්ශබ්ද වෙන්න කිව්වා. ඔහු මාව බිත්තියකට තද කරලා, මගේ උරහිස බිත්තියට තද වන සේ රඳවාගෙන මම එතනින් එළියට යන එක නැවැත්තුවා.

මට හැකි උපරිමයෙන් මම පොරබදා සටන් කළා, අවසානයේදී ඔහුගෙන් ගැලවිලා ගොඩනැගිල්ලෙන් පිටතට යාමට සමත් වුණා. ඔහු මගේ පස්සෙන් එළියට ආවේ නෑ."

ඉන්පසුව ඇය වහා ම ඇගේ 32 හැවිරිදි ජර්මානු ජාතික සහකරුට දුරකතනයෙන් අමතා සිදුවූ දේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන්පසුව ඔහු ස්කූටරයකින් එම ස්ථානයට පැමිණ තිබේ.

"අදාළ භික්ෂුව හඳුනා ගැනීම සඳහා අපි නැවත පන්සලට ගිය විට, ඔහු මගේ සහකාරයා දැකලා පැනලා ගියා. අපි පොලිසියට දැනුම් දුන්නා, නමුත් පොලිසිය පන්සලට නොපැමිණි නිසා අවසානයේ අපිම පොලිස් ස්ථානයට ගියා.

පොලිස් ස්ථානයේදී මම මගේ ප්‍රකාශය ලබා දුන්නා, එම භික්ෂුව මා දූෂණය කිරීමට උත්සාහ කළ බවට විශ්වාස කළ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව පැහැදිලිවම ප්‍රකාශ කළා. අනාගතයේදී ඔහු නිසා මෙවැනිම තත්වයකට මුහුණ දීමට ඉඩ ඇති වෙනත් කාන්තාවන් ගැනත් මම කනස්සල්ලට පත්ව හිටියේ.

ඔවුන් චෝදනා කරන්නේ පොලිසියේදී විහාරාධිපති හිමි සහ පොලිසිය විසින් ඔවුන්ට එම පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස පවසන බවක් දැනුණු බව ය.

සංචාරකයෙකු ලෙස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට වසර ගණනාවක් ගත විය හැකි නිසා, අදාළ භික්ෂුවට සමාව ඉල්ලීමට හෝ ඔහුව නැවත ඔහුගේ පවුල වෙත යැවීමට පුළුවන් කියලා කිව්වා. එම භික්ෂුව 'අසනීප' තත්ත්වයක පසුවන බවත් ඔහුට බෙහෙත් කරන්න අවශ්‍ය බවත් විහාරාධිපති භික්ෂුව මට කිව්වා.

අවසානයේදී එම භික්ෂුව සොයාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා. ඔහු මාව දැකලා හිනා වුණා. ඔහුව දැකපු ගමන් මගේ සහකරුට තරහා ගියා. ඉන්පසු පොලිසිය මගේ සහකරුගේ හැසිරීම ගැන අවධානයක් යොමු කරන්න ගත්තා. පොලිස් ස්ථානයේ ඇති CCTV දර්ශන පරීක්ෂා කරන බව ඔවුන් අපට කිව්වා. මම දන්න විදිහට එතන CCTV තිබුණේ නැති නිසා එහෙම රෙකෝඩින් එකක් තියෙන්න බෑ.

පසුව එම භික්ෂූන් වහන්සේ ප්‍රකාශයක් කළා, තමන් සිදු කළේ තම සිවුර සකස් කර ගැනීමක් හෝ එය එහාට කිරීමක් පමණක් බවත්, ඒ අතරතුර අහම්බෙන් මාගේ ශරීරයේ ගෑවුණු බව. මේක මාගේ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් එකක්."

මෙම සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සිදු කළ විමසීමකදී තහවුරු කළේ ය.

"සිද්ධිය වෙලා තියෙන්නේ 2026.10.02. ප්‍රංශ ජාතික කාන්තාවක්. ඇය ගිහින් තියෙනවා කදුරුපොකුණ ප්‍රදේශයේ විහාරස්ථානයකට සිරි නරඹන්න. ඒ අවස්ථාවේදී විහාරස්ථානයේ හිටපු හිමි නමගෙන් අතවරයක් සිද්ධ වෙලා තියෙනවා මේ කාන්තාවට. ඉන්පසුව විදේශ ජාතික කාන්තාව තංගල්ල, ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කරලා තියෙනවා," පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ තොරතුරු ලබා දුන් නිලධාරිනිය ප්‍රකාශ කළා ය.

"ඉන්පසුව එදින ම භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරලා ඇප මත නිදහස් කරලා තියෙනවා එදා. ඉන්පසුව 2026.10.07 දින නැවත තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරලා ඇප මත මුදාහැරලා තියෙනවා."

මෙම නඩුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී 2027 පෙබරවාරි 02 දින නැවත කැඳවීමට නියමිත ය.

· බීබීසී සිංහල

(පිංතූරය නිර්මිත බව කරුණාවෙන් සළකන්න)

මොකද හිතෙන්නේ
12/10/2026

මොකද හිතෙන්නේ

මේ මහින්ද පතිරණ කියන රාජපක්ෂ නිකායේ ගොට්ටට මොකද වෙලා තියෙන්නේ....බන්ධනාගාරයේ දොරෙන් එහා පැත්තේ දරුණු කැරැල්ලක් උද්ගත වෙල...
07/07/2026

මේ මහින්ද පතිරණ කියන රාජපක්ෂ නිකායේ ගොට්ටට මොකද වෙලා තියෙන්නේ....

බන්ධනාගාරයේ දොරෙන් එහා පැත්තේ දරුණු කැරැල්ලක් උද්ගත වෙලා සිරකරුවන් විසින් නිලධාරීන් කීප දෙනෙක් ඝාතනය කරලා ඔවුන්ගේ අවි ආයුධත් පැහැරගෙන පුද්ගල ඝාතන විස්සකට අධිකව සිද්ධ වෙලා තියෙන වෙලාවක එලියේ ඉන්න STF නිලධාරීනුත් ඈතට වෙලා වික්ෂිප්ත වෙලා හිටපු අවස්ථාවක්...

ඒ මොහොතේ මේ නිලධාරියා තනියම දොර ලගට ගිහින් දොරේ තිබුණු කවුළුවෙන් T56 ( පේන විදියට ) අවිය ඇතුලට දාලා සිංගල් ෂොට් එක ගානේ කීප වතාවක් ෆයර් කරනවා ....

දැන් එහෙම නොකර මොකද කරන්නේ කියලා මේ බුකියේ හෑලි ලියන මහින්ද පතිරණ හෝ වෙන මොකෙක් හරි කියපල්ලා....

බන්ධනාගාරයෙන් එලියේ දහස් ගාණක් මිනිස්සු රැස්වෙලා ඝෝෂා කරමින් හිටියේ ඒ වෙලාවේ....
බන්ධනාගාරය ඇතුලේ සිරකරුවන් විසින් පාලනය අතට අරගෙන....

යම්කිසි විදියකට දොර කඩාගෙන එලියට ආවා නම් , සිවිල් මිනිස්සුයි , පොලිසියයි , සිරකරුවොයි ජෑම් වෙලා මුළු මීගමුවම යුධ පිටියක් වෙනවා...

ඕන නම් මේ නිලධාරියට තිබුණා වෙපන් එක ඇතුලට දාලා බර්ස්ට් එකක් ගහන්න....
මේ වර්ගයේ ස්වයංක්‍රීය අවි වල ට්‍රිගර් එක එක පාරයි අදින්න ඕන....මැගසින් එක හිස් වෙනකම් බුලට් යනවා....
හැබැයි පොර එහෙම කලේ නෑ....
ඒ තියපු වෙඩිල්ලක් ඇතුලේ නිලධාරියෙකුට හෝ වෙන කෙනෙකුට වදින්න තිබුණා තමා....
එතන අවදානමක් තියෙනවා.....ඒත් මොකද කරන්නේ ?
කැරැල්ලකදී කිසිම ඩැමේජ් එකක් නොවී තත්වය සමනය කරන්න පුලුවන්ද ?

STF එක දොර ඇරගෙන ඇතුලට යනකොට වීඩියෝ බලන්න....ඇතුලේ ඉන්න එකෙක් දුවන්නේ වෙපන් එකකුත් අරගෙන....තව එකෙක් අතේ ෂීල්ඩ් එකක් තියෙනවා නිලධාරියෙකුගෙන් උස්සපු....

බන්ධනාගාර ඇතුලේ ඉඩකඩ නැති , සෞඛ්‍ය පහසුකම් නැති පීඩනකාරී වටපිටාවක් තියෙනවා....ඒ සේරම ඇත්ත....
හැබැයි මෙතනදී මේ නිලධාරියා අල්ලගෙන මරන් කන්න හදන එක වැරදී....
ඒ මිනිහා තමන්ටත් අවදානමක් අරගෙන දොර ලගට යන්නේ....
ඌට මොකක් හරි උනා නම් පවුලට පැන්ෂන් එක හම්බවෙයි....එච්චරයි....

ප්‍රශ්නේ තියෙන්නේ බන්ධනාගාර ඇතුලේ නෙමෙයි....එලියේ... කුඩ්ඩෝ , මිනීමරුවෝ එක්ක අහිංසකයොත් අල්ලගෙන ගිහින් ඕවගේ ඔබනවා....
ඉතින් ඉඩ නැති වෙන එක අහන්නත් දෙයක්ද ?

03/06/2026

News Alert: රිවෝල්වර 19 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු දෙමටගොඩදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට.

Address

P. C. 112, Sultanate Of Oman
Muscat

Telephone

+96893249705

Website

Alerts

Be the first to know and let us send you an email when තුලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තුලාව:

Shortcuts

Share